![]() |
බේරුවල දිනගොඩ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවසට නාන කාමරයේ කුඩා කවුළුවකින් ඇතුළු වූ බවට සැකකෙරෙන සොරෙකු නිවැසියන් නින්දේ පසුවන අවස්ථාවක නිවසේ ආරක්ෂිත ස්ථානයක තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් සහ මෙතෙක් නිශ්චිත වශයෙන් ගනන්බලා නොමැති කෝටි ගණනක මැණික් තොගයක් සොරකම් කරගෙන ගොස් තිබෙන සොරකම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පැවසීය.
බේරුවල දීනගොඩ කටුකුරුන්ද පාර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් නිවසට 27 අලුයම් කාලයේ ඇතුළුවී තිබෙන සැකකරු නිවසේ නාන කාමරයට වාතාශ්‍රය ලැබෙන කුඩා කවුළුවකින් ඇතුළු වී ඇති බව පොලිසිය සැකකරනබව කියයි.
සොරකම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ විසි හැවිරිදි පුත්‍රයා පැමිණිලි කර තිබෙන බව පොලිසිය කියයි.
මෙම මැණික් ව්‍යාපාරිකයා මේ වන විට මැඩගස්කරයේ ව්‍යාපාරය කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති අතර කෝටි ගණනක් වටිනා බව කියන මෙම මැණික් ගල් තොගයේ සම්පූර්ණ වටිනාකම ව්‍යාපාරිකයා මෙරටට පැමිණි පසු නිශ්චිතවම දැන ගත හැකි බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව බේරුවල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් මහතා පැවසීය.
0 Comments