මේ පිළිබඳව අදහස් පළ කළ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියා සිටියේ ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකම පමණක් නොවන බවයි. ඇතැම් විශේෂඥ වෛද්‍යවරු තමන් කැමැති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක කට්ටල ලබාගැනීමේ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම ඊට ෙහ්තුව බව ඔහු පෙන්වා දුන්නේය.
‘‘ජාතික රෝහලට ලබාගැනීමට උත්සාහ කරන ඇතැම් ප්‍රතික්‍රීයක කට්ටල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඒවා. ලියාපදිංචි සමාගම්වලින් ලබාගැනීමට හැකියාව තිබියදී අර්බුදයක් නිර්මාණය කරන්න හදනවා. ඉන්දීය ණය ආධාර යටතේ ප්‍රතික්‍රීයක කට්ටල ලබාගැනීමේ හැකියාව තිබියදී කටයුතු නොකිරීම ගැටලුවක්’’ බවද ඔහු කීවේය.
කොළඹ ජාතික රෝහලේ ජීව රසායන පරීක්ෂණ නතරවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයටද පැමිණිලි කර ඇති බවද රවි කුමුදේශ් කියා සිටියේය.
0 Comments