විශ්වවිද්‍යාලවල අලුතින් ආරම්භ කළ පාඨමාලා දහය...
September 12, 2022
විශ්වවිද්‍යාලවල අලුතින් ආරම්භ කළ පාඨමාලා දහයකට පමණ බරපතළ ලෙස ආචාර්යවරුන්ගේ හිඟයක් ඇති වී තිබේ. වෘත්තීය චිකිත්සාව, දෘෂ්ටිමිතිය, බුද්ධිමය යන්ත්‍ර විද්‍යාව, ව්‍යවහාරික රසායන විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව, දේශීය ඖෂධ සම්පත්, සෞඛ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීව විද්‍යා තාක්ෂණය, යෝග සහ පාරමනෝවිද්‍යාව, ගිණුම්කරණ තොරතුරු පද්ධති වැනි පාඨාමාලාවල මෙම හිඟය ඇති වී තිබේ.
කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය යන විශ්වවිද්‍යාලවල මෙම පාඨමාලා පැවැත්වෙයි. මෙම එක් එක් පාඨමාලාවට සිසුන් 60 සිට 100 දක්වා අතර ප්‍රමාණයක් බැගින් ඇතුළත් කෙරේ. ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය මෙතෙක් නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
0 Comments