IMF ණය ගැන අගමැතිගේ ප්‍රකාශය..
September 01, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවික නිල මට්ටමේ සාකච්ඡා මීළඟට ආරම්භ කිරීමට නියමිත බවද අගමැතිවරයා සඳහන් කළේය.
විවිධ දුර්වලතා සහ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදුවුණේ ණය පැහැර හැරීමට සිදුවීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්ලු වීම බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
කුමන පාර්ශවයක් බලයේ සිටියත් මේ ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍ය වෙන බවද ඔහු සඳහන් කළේය.
0 Comments