සැණකෙලියකට අවසර දෙන්න ඉහල නිලධාරියෙක් සංවිධායකගෙන් අල්ලස් ඉල්ලයි.. හඩ පට මෙන්න..

 


බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු සමාගමකට අයත් ක්‍රිඩාංගණයක දිපවාලි උත්සවය නිමිත්තෙන් සැණකෙළියක් පැවැත්විමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා විසින් සංවිධායකවරයාගෙන් රු තිස් දහසක අල්ලසක් ඉල්ලු බවත්, ඉන් රු 5000 ක අත්තිකාරමක් ලේකම්වරයාට ලබාදිමෙන් පසු ඉතිරි මුදල් තම ගිණුමට බැර කරන ලෙස පවසා නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයාගේ පෞද්ගලික ගිණුම් අංකය තමන් වෙත ලබාදුන් බව සැණකෙළි සංවිධායකවරයා පැවසිය.

රු තිස්දහසක මුදල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට රු පහලොස්දහසක් සහ තමන්ට රු පහලොස්දහසක් වශයෙන් බෙදා ගන්නා බව ලේකම්වරයා පැවසු බවයි සංවිධායකවරයා කියා සිටියේ.

මේ මස (27) දින සිට (29) දින  දක්වා එම සැණකෙළිය පැවැත්විමට සුදානම් කර තිබුණත්, සැණකෙළිය පැවැත්විමට ක්‍රිඩාංගණය ලබාදිමට රු පනස් දහසක මුදලක් සහ විනෝද බද්ධ සදහා නොර්වුඩ් ප්‍රාදේශිය සභාව‍ට ඒ සදහා අදාල මුදල් ගෙවන ලෙස නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම් කේ.මුරලිදරන් මහතා විසින් ඉල්ලා සිටි බවයි සැණකෙළියේ සංවිධායකවරයා කියා සිටියේ.

හඩ පටයට මෙතනින් සවන් දෙන්න 

Post a Comment

0 Comments