ෆයිසර් මාත්‍රා මිලියන අටක් කල් ඉකුත් වෙයි...

 





කොවිඩ් සමයේදී මෙරටට ගෙන්වනු ලැබු ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ ඉතිරිව තිබෙන‍ මාත්‍රා මිලියන අටකට ආසන්න ප්‍රමාණයක් මෙමස 31 වැනිදායින් පසුව භාවිතයෙන් ඉවත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

පසුගිය වසරේ ජුලි මස සිට දෙසැම්බර් මස දක්වා කාලයේදී ෆයිසර් එන්නත් මාත්‍රා දොකෝටි අසු අටදහස් පනහක් මෙරටට ගෙන්වා තිබේ.

එම එන්නත් තොගයෙන් මේ වනවිට මාත්‍රා හැත්තෑනවලක්ෂ පනස්හත්දහස් හැටක ප්‍රමාණයක් ඉතිරිව ඇත.

මෙම ෆයිසර් එන්නත් තොගය 31 වැනිදායින් කල් ඉකුත්විමට නියමිතය. එසේ කල් ඉකුත් වන එන්නත් මිලියන හත කිසිම අවස්ථාවක යළි භාවිතයට නොගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අප කළ විමසීමකදී සඳහන් කළේය.



එසේම මෙම කල් ඉකුත් වු එන්නත් විනාශ නොකරන බවත් විශේෂඥවරුන්ගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැවසීය.

Post a Comment

0 Comments