විදුලිය ගැන සුභ ආරංචියක්...


නඩත්තු කටයුතු හේතුවෙන් නතර කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (23) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න සඳහන් කළේ, මේ වන විට එම ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් බවය.

ඒ අනුව එම ජනන යන්ත්‍රයෙන් උත්පාදනය කෙරෙන මෙගාවොට් 270ක විදුලි ධාරිතාව පියවරෙන් පියවර ජාතික පද්ධතියට එක්වීම සිදුවනු ඇත.

දෙවන ජනන යන්ත්‍රය පද්ධතියට සම්බන්ධ කිරීමෙන් අනතුරුව නොරොච්චෝල බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නතර කිරීමට සැලසුම් කර ඇති බව ද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේය.

Post a Comment

0 Comments