බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පෙර පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නේය.
මහනුවර හා අම්පාර දිස්ත්‍රික්කවල ආසන බල මණ්ඩල රැස්වීම් මෙම සතියේදී පැවැත්විණි. මහනුවර දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැස්වීම් දෙකක් පැවැත්විණි.
එක් රැස්වීමක් රන්ජිත් බන්ඩාර මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර අනෙක් රැස්වීම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙම රැස්වීම්වලින් පැමිණියේ මහින්දානන්දගේ රැස්වීමටය. ඉන් පසු අම්පාර දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වූයේ විමලවීර දිසානායක මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙනි.
ගොවි ජනතාව නියෝජනය කරන දිගාමුඩල්ල පුරවරයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ගොවීන්ගෙන් සමාව ඉල්ලුවේය. ඒ සිය බාප්පා වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාබනික පොහොර පමණක් භාවිතා කර ගොවිතැන් කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙනි. ‘
‘මම පක්ෂයක් විදිහට එම තීරණය ගැන ගොවි ජනතාවගෙන් සමාව ගන්නවා.’’ මන්ත්‍රිවරයා කීවේය. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රිවරු පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පළාත් පාලන මන්ත්‍රිවරු කැඳවා සාකච්ඡාවක් පැවැත්වූහ.
‘‘අපිට ගම දින්නන පුළුවන්. ජාතික ජන බලවේගයට ගම දිනන්න බැහැ. ඒක නිසා ගමට ගිහින් පුංචි ඡන්දයට ලැහැස්ති වෙන්න.’‘ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා උපදෙස් දුන්නේය.
0 Comments