තෙල් බාලයි..

 



ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සියයකට අධික පිරිසකගෙන් ලැබුණු පැමිණිලි මත මහජන උපයෝගිතා කොමිසම පිරවුම්හල්වලින් සාම්පල ලබාගැනීම ආරම්භ කර තිබේ.

ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල්වල ගුණාත්මකභාවය, වර්ණය වෙනස්වීම, ජලය මිශ්‍රවීම ආදී පැමිණිලි මහජන උපයෝගිතා කොමිසම වෙත ලැබී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාරිභෝගික) තනූජ ධනුෂ්ක විජේසූරිය සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ඛනිජ තෙල් කර්මාන්තයෙන් පාරිභෝගිකයන්ට සිදුවන ගැටලු හා පැමිණිලි විසඳීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව පාරිභෝගිකයාට සිදුවන ගැටලු, අයිතිවාසිකම් කඩවීම් ආදියට අදාළ පිරවුම්හලට හෝ තෙල් සංස්ථාවට පැමිණිලි කළ හැකි අතර ඊට දින 14ක් තුළ විසඳුම් ලබා නොදුනහොත් හෝ සෘජුවම හෝ කොමිසමට පැමිණිලි කළ හැකිය.

ඛනිජ තෙල් සම්බන්ධ නියමිත බලතල ඛනිජ තෙල් අමාත්‍යාංශය සතු බැවින් එහි සහයෝගය ඇතිව උපයෝගිතා කොමිසම, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණ ආයතනය සමග එක්ව රටපුරා ඇති පිරවුම්හල් 1290කින් තෝරාගත් පිරවුම්හල් 60ක් සාම්පල රැස් කිරීම සිකුරාදා (30 වැනිදා) ආරම්භ කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එසේ ඩීසල්වලට ජලය මිශ්‍රවීම සම්බන්ධයෙන් ගාල්ලේ පිරවුම්හලකට එරෙහිව ලැබුණු පැමිණිලි හා පෙට්‍රල්වලට ඩීසල්ද, ඩීසල්වලට පෙට්‍රල් මිශ්‍රවීම සම්බන්ධයෙන් ආණමඩුව ප්‍රදේශයේ පිරවුම්හලකට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම පරීක්ෂණ සිදුකර ඉන් අගතියට පත් පාරිභෝගිකයන්ට අදාළ පිරවුම්හල්වලින්ම අලාභය ලබාදීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

Post a Comment

0 Comments