අසභ්‍ය හඬ පට ඇවිලෙයි.. සේමිණි රහස් පොලිසියට කැදවා ප‍්‍රශ්ණ කරයි..

 


ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

ඒ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ය.

තිළිණි ප‍්‍රියමාලි විසින් ඇයට ලබාදී තිබිණි තිබූ මුදල් ප්‍රමාණය සහ ඇය සමඟ තිබූ සම්බන්ධතාවය මෙන්ම හඬ පට කිහිපයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් මෙසේ ප්‍රශ්න කර ඇත.

නමුත් සේමිණි ඉද්දමල්ගොඩ විසින් ගණුදෙනු හා හඬ පට ‍ප‍්‍රතික්ෂේප කිරීමකට කටයුතු කර ඇතැයි ද වාර්තා වෙයි.

ඇය රහස් පොලිසිය හමුවට පැමිණ තිබුණේ ඇගේ සැමියා වන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ප්‍රධාන පරීක්ෂකයෙකු ද සමගිනි.

මේ අතර තවත් නිරූපිකාවක් හා නිවේදිකාවකට ප‍්‍රකාශ ලබාදීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.


Post a Comment

0 Comments