ශ්‍රී ලංකා පිලේ සියලු සිහින බොඳවෙයි...

 


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් නායක ආරෝන් ෆින්ච් ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.

මාකස් ස්ටොයිනිස් ලකුණු 35යි.

මිචෙල් මාෂ් ලකුණු 28යි.

ටිම් ඩේවිඩ් ලකුණූ 15යි.

පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් බෙරී මැක්රාත් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ජොෂ් ලිටල් කඩුළු 2යි.

අනතුරුව පිටියට පැමිණි අයර්ලන්ත පිල පන්දුවාර 18යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 137ක් පමණීයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පිලට ලකුණු 42ක ජයක් හිමිවිය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ඉදිරියේදී එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමග තරග ජයගත්තද අවසන් පූර්ව වටයට යාමට කිසිදු අවස්ථාවක් හිමි නොවනු ඇත.

ඊට හේතුව ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන තරගය ජයගැනීම අනිවාර්ය කරුණක් බව බොහෝ ක්‍රිකට් ප්‍රවීනයන්ගේ අදහස වී ඇත.

මේ වන විට අංක 1 කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙන සිටින ඔස්ට්‍රේලියාව ඉදිරියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය ජයගැනීමෙන් පසු එය ලකුණු 7ක් දක්වා ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් රැස්කර ගෙන සිටින අතර, ඉදිරි තරග දෙක ජයගතහොත් එය ලකුණු 6ක් වනු ඇත.

නවසීලන්තයට ද තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.

එම තරග ද ඔවුන් ජයගනු ඇති බව මේ වන විට බොහෝ දෙනෙකු ගේ විශ්වාසයි.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 9 දක්වා ඉහළ යාමට වැඩි ඉඩක් ඇත.

එම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Post a Comment

0 Comments