ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. බැංකු පද්ධතිය දැඩි අවදානමක…

 


මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක පසුගිය 23 දා මාසික වැටුප ගිණුම් ගත කිරීමට නොහැකි වූ බවත් එය 26-27 දින දක්වා ඇදී ගිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඊට හේතු වූයේ මුදල් අච්චු නොගසන ලෙසට ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම්දීම බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය මත රජයට සිදුව ඇති බැංකු පද්ධතියෙන් මුදල් ණයට ගනිමින්, රක්ෂණ සංස්ථාව, ඊපීඑෆ්-ඊටීඑෆ් වැනි ආයතන වලින් මුදල් ණයට ගනිමින් පඩි ගෙවමින් සිටින බවද හෙතෙම කියා සිටියි.

එමෙන්ම සෑම සති අන්තයකම ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර රුපියල් බිලියන දෙසීයක් සපයා ගන්නා බවද පැවසූ ඔහු එමගින් බැංකු පද්ධතිය දැඩි අවදානමකට පත්ව ඇතැයිද කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද කඩුවෙල ආසන බලමණ්ඩලය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments