ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ අවශ්‍ය තරම් ආනයනික තිරිඟු පිටි තොග ලැබෙන්නේ නම් ලබන සතියේ සිට ම පාන් ඇතුළු බේකරි මිල පහත දැමීමට කටයුතු කරන බවයි.
පාන් පිටි මිල පහළ දැමුවත් මේ වන විටත් බේකරි සඳහා පාන් පිටි කිලෝවක් මිලදී ගැනීමේදී රුපියල් තුන්සිය ක පමණ මුදලක් වැයවන බව ඔහු පැවසීය.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළ දමන අගයන් දැන්මම ප්‍රකාශ කළ නොහැකි බවත් එය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
0 Comments