රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් රබර් ආනයනය කිරීම නිසා මෙරට රබර් මිල පහත බැස ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
වර්ෂ 2017 දී රටේ අවශ්‍යතාවයට වඩා රබර් මෙට්‍රික් ටොන් 16000 ද 2018 දී අවශ්‍යතාවයට වඩා රබර් මෙට්‍රික් ටොන් 13000 ද 2019 දී 12000 ද 2020 දී මෙට්‍රික් ටොන් 14000 ද 2021 දී මෙට්‍රික් ටොන් 25000 ද මේ වසරට මෙට්‍රික් ටොන් 10000 ද වැඩිපුර ආනයන කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රටේ අපනයන කර්මාන්තය අතිශයින් වැදගත් වන නිසා මින් ඉදිරියට රටේ අවශ්‍යතාවයට පමණක් රබර් ආනයනය කිරිම සඳහා අවශ්‍ය නියාමනය කිරීමට කමිටුවක් පත්කර බවට ද ඔහු කීය.

0 Comments