පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාරවල වෑංජන, අතුරුපස, මස් මාළු අඩු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
මෙතෙක් කල් වෑංජන අටකට පමණ සීමා වී තිබූ දිවා ආහාර වේලට මේ වන විට ලබා දෙන්නේ වෑංජන හතරක් හෝ පහක් පමණි. එම වෑංජන අතර ඇඹරැල්ලා, බතල, මඤ්ඤොක්කා, පරිප්පු, දෙල්, පොළොස්, අඹ තිබ්බටු වැනි එළවළු ආදියද ඇතුළත් වීම විශේෂත්වයකි.
වෙනත් දිනවලදී මස් සහ මාළු දෛනිකව ලබා දුන්නත් මේ වන විට ලබා දෙන්නේ එක් වර්ගයක් පමණක් බව මන්ත්‍රිවරු පවසති.
මාළු වර්ග අතුරින් තෝරා, පරව්, තලපත් හා කොප්පරා ලබා දීමද නතර කර තිබේ. ඒ වෙනුවට ලින්නා හා සාලයා, හුරුල්ලා වැනි මාළු වර්ග ලබා දෙන බව පාර්ලිමේන්තු භෝජනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තාවෙයි. කුකුළු මස් සතියකට දෙවරක් පමණක් ලබා දෙන අතර බිත්තර ලබා දීමද ගැටලුවක් වී තිබේ. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා මෙම සීමා කිරීම් සිදු කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. අතුරුපස ලෙස පලතුරු වර්ග දෙකක් පමණක් මන්ත්‍රිවරුන්ට ලැබෙයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙපාර්තමේන්තුවේ මාසික වියදම රුපියල් මිලියන දහයක් පමණ වෙයි. මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාර වේලේ අඩංගු ව්‍යාංජන හා අතුරුපස අඩු කිරීමෙන් පසු ඔවුන් ආහාර ගැනීමද අවම වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
0 Comments