වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබාදීමට හැකිවීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම සහ මාදැල් ධීවර අස්වැන්න සරුවීම ඊට හේතුවී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පෙන්වා දෙයි.
ඊයේ (23) දින පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල ගණන් පහත පරිදි දැක්වේ.
* බලයා කිලෝවක තොග මිල රුපියල් 650 – 700
* තලපත් සහ කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1,300
* කොප්පරා මසුන් කිලෝවක තොග මිල රුපියල් 2,000
* හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් 550-600
* මිලකට ලින්නා කිලෝවක තොග මිල රුපියල් රුපියල් 800
* කුම්බලාවන් කිලෝවක තොග මිල රුපියල් 750
* ලොකු දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 1,300
* මධ්‍ය පරිමාණයේ දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 900
* ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,500-1,800

0 Comments