සපුගස්කන්දෙ දුර්ගන්ධයක් ?...

 



සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවට ප්‍රදේශයෙන් හමන දැඩි දුර්ගන්ධය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් කැඳවා ඇති බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල පවසයි.

දැනට දින කිහිපයක සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳව අප බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් කැදවීමට පියවර ගෙන ඇති බවය.

Post a Comment

0 Comments