පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 4,271ක පුද්ගලයින් 18,219කට පීඩා එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 06ක්, දැඩි නිවාස හානි 09ක්, අර්ධ නිවාස හානි 442ක් සිදුව ඇති බවය.
මේ අතර ශ්‍රී ලංකාව තුළ දැඩි වර්ෂා සහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වූ “සිට්‍රැන්ග්” චණ්ඩ කුණාටුව අද (25) වන විට බංග්ලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 Comments