ශ‍්‍රී ලංකාව දිලිදු රටවල කාණ්ඩයට දමා ගන්න රජය ලෝක බැංකුව සමග සාකච්චා… අරමුණ ආධාර ලබා ගැනීම…

 


ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම පහත හෙලීමක් සලකා බලන ලෙස ලෝක බැංකුව රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

රජය මේ වන විට ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

ආධාර හා අඩු පොලී ණය ලබා ගැනීමේදී වර්ගීකරණයේ වෙනසක් සිදුකිරීම වැදගත් බවද අමාත්‍යවරයා පැවසීය.

ලෝක බැංකුව විසින් පහළ කණ්ඩායම යටතේ වර්ගීකරණය කර ඇති රටවලට ජාත්‍යන්තරයෙන් ආධාර මෙන්ම අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමේ හැකියාවක් පවතී.

2017 වසරේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකු විසින් වර්ගීකරණය කරන ලදී.

ඊට පෙර ශ්‍රී ලංකාව පැවතියේ දුගී රටවලට ණය ආධාර ලබා දීම සඳහා පවත්වාගෙන යනු ලබන කාණ්ඩය යටතේ ය.

ශ්‍රී ලංකාව යළිත් උත්සාහ කරන්නේ එම කාණ්ඩයට ඇතුලත් වීම සඳහාය.

Post a Comment

0 Comments