අයවැය සම්මතයට ආණ්ඩුවට බහුතරය නෑ.. පාර්ලිමේන්තුව විසිරෙයි..

 


මෙවර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අයවැය පරාජය අනතුරක් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත වූයේ ආණ්ඩු පක්ෂය බරපතල බෙදීම් රැසක් මැද බවයි.

ඒ අනුව ඉදිරියේ අයවැයට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ තනතුරු වරප්‍රසාද ලබා ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට ම බලපෑම් කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

ඒ අනුව එම ඉල්ලීම් ඉටු නොවුණහොත් අයවැය පරාජය වීමේ තත්ත්වයක් තිබෙන බවද පැවසූ ඔහු අයවැය දෙවරක් පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවද සඳහන් කළේය.

දැනට ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය රඳාපවතින්නේ මන්ත්‍රීවරුන් අටත් දහයත් අතර සුළු ප්‍රමාණයකින් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


Post a Comment

0 Comments