තවත් තීරණාත්මක තරග තුනක් අද...

 



පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 2 කාණ්ඩයේ තරග තුනක් අද (30) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
බංග්ලාදේශ – සිම්බාබ්වේ තරගය
නෙදර්ලන්ත – පාකිස්ථාන තරගය
ඉන්දියාව – දකුණු අප්‍රිකාව තරගය

මෙම තරග තුනෙන් පළමු තරගය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බෙන් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙවනුවට පැවැත්වෙන නෙදර්ලන්ත – පාකිස්ථාන තරගය සහ තෙවනුවට පැවැත්වෙන ඉන්දියා – දකුණු අප්‍රිකා තරගය පර්ත් හිදි පැවැත්වෙනු ඇත.

පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරගය දහවල් 12.30ට සහ තෙවන තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

අංක 2 කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තත්ත්වය පහතින් බලන්න…


Post a Comment

0 Comments