‘දැන් මේ පැත්තෙ හිටපු කට්ටිය ඔක්කොම කිව්වා රනිල් වික්‍රමසිංහ මහබැංකු හොරා, අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ එයා. අන්න ජපානය යන ගමන් එයා ගිහිල්ලා පැය හයක් එයා සිංගප්පූරුවේ හිටියා. පත්තර වල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා හම්බවුණා කියලා , නමුත් අපිට තියෙන වාර්තා අනුව නම් ජනාධිපතිතුමා ජපානයේ යන ගමන් සිංගප්පූරුවෙන් බැහැලා දවල් කෑම කාල තියෙන්නේ මහ බැංකුව මංකොල්ලයට වගකියන පැනලා ගිහින් ඉන්න අර්ජුන මහේන්ද්රන් එක්ක කියන එක අපි කියනවා’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
කෙසේ වෙතත් ඊට පාර්ලිමේන්තුවේදී පිලිතුරු දෙමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ අදාල චෝදනා සම්පූර්ණ අසත්‍ය බවත් තමන් දිවා ආහාරය ගත්තේ සිංගප්පූරු ගුවන් යානයකදී බවත්ය.
මන්ත‍්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාව මෙසේය.
‘QR කෝඩ් එකෙන් තෙල් පෝලිම අඩු වුණා.දැන් එතුමාගේ ගුණ වර්ණනා කරනවා ඔක්කොම.QR කෝඩ් එකෙන් මොකක්ද කළේ. ත්‍රීවිල් එකකට සතියකට ලීටර් පහයි. රස්සාව කරන්න පුලුවන්ද? ආදායම කීයද? කාර් එකකට විස්සයි. ගමන් බිමන් ටික යන්න පුලුවන්ද? ඈත පළාතක ඥාතියකුගේ මළගෙයක් තිබුනොත් ගමන් ටික යන්න පුලුවන්ද? බෑ. ඒ නිසා ජනතාවට තෙල් අඩුවෙන් QR කෝඩ් එකට හම්බ උනාට දේශපාලනඥයො නිලධාරීන් හොඳවයින් ගහනවා මාටියා මේකෙන් . මේ දවස් වල මාතෘකාවක් තියෙනවා ගෙනාපු පිරිපහදු නොකරපු බොරතෙල් සම්බන්ධව. මේ බොරතෙල් බැරලයකට දළ වශයෙන් ප්‍රීමියම් එක $35 කට වැඩියෙන් ගෙවනවා. ඒ ගෙවන විදිහ මම කියන්නම්. coral කියන සමාගම, ඒගොල්ලො ටෙන්ඩර් එකේ bid කරේ brent oil ගේනවා කියලා . නමුත් එතුමන්ලා ගෙනාවේ සයිබිරියන් ඔගස්ටස් කියන එක. ඒ ගේන කාලේ වෙනකොට ලෝක වෙළඳපොලේ බැරල් එකක මිල ඩොලර් 74-76 අතර ගණනක්. නමුත් ඔවුන් brent එකට කෝල් කරපු නිසා ඔවුන්ට ඩොලර් 103යි, ඒ වගේම premium එක තව ඩොලර් 8.25 යි ගෙවනවා. එතකොට මේ මෙට්‍රික් ටොන් 80,000න් විතරක් පාඩුව , ඩොලර් මිලියන 24-30 අතර ප්‍රමාණයක් මේ රටේ ජනතාවගේ බදු මුදලින් . මේක ගිල්ලේ කවුද? මම ඔබතුමාට දෙන්නම් විස්තර සහිතව. මෙන්න පත්‍රිකාව. ටෙන්ඩරය award කරන එක. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජූලි මාසේ විසි පස්වෙනිදා මේ කොරල් කියන සමාගමට brent oil , premium එකට price එක ඩොලර් 4.98 ට තමා award කලේ . හැබැයි දානවා ඊට දවස් හතරකට පස්සේ ජූලි මාස විසි නව වැනිදා මෙන්න මේ කැබිනට් පත්‍රිකාව. මේකෙදි ඩොලර් 8.25 දක්වා වැඩි කරලා. එතකොට 3.35 ක් වැඩි කරලා තියෙනවා . ඒක හරහා මේ සමාගම අනියමින් සහ සෘජුව වාසි ලබා ගන්නවා ඩොලර් මිලියන 35 ක. එතකොට මේවායේ කුට්ටිය ගියේ නෑ කියලද හිතන්නේ . ඒ කුට්ටිය ගිය විදිහ මම පෙන්නන්නම්.
දැන් අලුත්ම සෙල්ලමක් තව පටන් අරන් තියෙනවා ඒක තමයි පිරිපහදු කළ තෙල් ටිකත්මේ සමාගමට ම දෙන්න හදනවා මේ කණ්ඩායම. Unsolicited proposal , දැන් සමාජයේ කතාවක් තියෙන්නෙ spot buying වලින් තමයි හොරකම් කරන්නේ කියලා. දැන් අලුත්ම ක්‍රමය තමයි , අපේ ඇමැතිතුමා ඉන්නවා එතුමා දන්නවා මං කියන කතාව මොකක්ද කියලා..අලුත්ම ක්‍රමය තමයි දැන් අපිට සල්ලි නෑ ඇඩ්වාන්ස් ගෙවන්න විදිහක් නෑ. ඒ නිසා ක්‍රෙඩිට් ලබා දෙන අයට අපි unsolicited proposals ලබා දෙනවා කියලා. දැන් කොච්චර ප්‍රමාණයකට ගියාද කියනවා නම් මේ unsolicite වෙන විදිය මේ රටේ ජනතාවට දැනගන්න කියන්න ඕන. කවුරුහරි අඩු ලංසුලාභි සමාගමක් ආවහම ඔවුන්ට 10% දෙන්න ඕන. එතකොට මහ බැංකුව කියනවා නෑ අපිට ඩොලර් නෑ. අපිට ගෙවන්න විදිහක් නෑ කියලා . ඒ නිසා ඒක differ වෙනවා . තැරව්කාර සමාගම ඇවිල්ල කියනවා හරි අපිට ඇඩ්වාන්ස් එපා . අපිට NRR ක්‍රමයට දෙන්න කියලා. NRR කියන්නේ non residence account එක . එතකොට මේ කොරල් කියන සමාගම ආවහම මහ බැංකුවට කියනවා දැන් අපිට NRR ක්‍රමයට දෙන්න කියලා. ඒ කියන්නේ මොකක්ද, 10% අත්තිකාරම් ගෙවන්න බැරි වුණු මහ බැංකුව එකඟ වෙනවා දවස් තිහක් ඇතුලත ඩොලර්වලින් ගෙවන්න . එතකන් ගේන තෙල්වල වටිනාකමෙන් 115% ක් ඔවුන්ගේ ගිණුමට රුපියල් වලින් බැර කරනවා, ආවායින් පස්සෙ මහ බැංකුව ඒක ඩොලර් කරලා දෙනවා. premium එකකුත් ගෙවනවා ඒකට. එතකොට මහ බැංකු අධිපතිවරයා මේකට උත්තර දෙන්න ඕන.හැමදාම මාධ්‍ය සාකච්ඡා තියලා රටේ ආර්ථිකය ගැන කතා කරන මහ බැංකු අධිපතිවරයා උත්තර දෙන්න ඕන, ඇයි? පළමු දවසේ හොයාගන්න බැරි වෙන ඩොලර් ටික වැඩිපුර premium එකකුත් එක්ක දවස් 30ක් ඇතුලත හොයාගන්නේ කොහොමද?ඒ නිසා මූලාසනය ගරු මන්ත්‍රීතුමනි දළ වශයෙන් මේ පිරිපහදු කළ නැව්වලින් ගහන පගාව තමයි ඩොලර් මිලියන 2.1ක්. මාසෙකට නැව් හතරක් ආවත් ඩොලර් මිලියන 8.3ක්. මේ රීරි යක්කු කවුද? මහ බැංකු අධිපතිවරයා මේක දන්නේ නැද්ද? මෙන්න ඒ සමාගමේ , coral කියන සමාගමේ ලංකාවේ නියෝජිතයා, කවුද මේ මනි කියන කෙනා. මෙයා යවනවා CPC එකට email එකක්.
Hon. minister and the CPC team,
SeptemberAgreed to award the next 6 months on this same basis. Please confirm. The lay cans for the rest of the period from september to January 31st.
Warm rgds
Mani
කවුද මේ මනි. ?මේ බහිරවයා කවුද? එතකොට ඇමතිවරයා කොහොමද tender දාන් නැතුව එකඟ වෙන්නේ? Board එක කොහොමද ටෙන්ඩර් දාන්නැතුව එකඟ වෙන්නේ? මහ බැංකු අධිපතිවරයා tender නැති එකකට pay කරන්න payment plan එක dollars වලින් හදන්නේ කොහොමද? අර්බුද කළමනාකරණය මුවාවෙන් හොරකම් කරන අයට මේ ආර්ථිකය හදන්න බැහැ. ඒ නිසා ඩොලර් මිලියන 8.4 ක් පිරිපහදු තෙල් වලින් මාසෙකට හොරකම් කරනවා නම් ලංකාවේ ජනතාවගෙන් මං ඉල්ලීමක් කරනවා රුපියල් 370/-න් වැඩි කරල බලන්න තමුන්නාන්සේලා බඩගින්නෙ ඉදිද්දි, ළමයින්ට මන්දපෝෂණය හැදිලා තියෙද්දි, ත්‍රීවිල් මහත්වරුන්ට රස්සාව කරගන්න බැරිව තියෙද්දි , දරුවාට කිරි ටිකක් දීගන්න බැරි වෙද්දි , මේ ගහන ගැහිල්ල ජාතික අපරාධයක් කියන එක මම පැහැදිලිව කියන්න ඕන.
දැන් නසීර් අහමඩ් ඇමතිතුමා මෙතන ඉදලා ගියා. එතුමා තමයි ගියේ ජනාධිපතිවරයා ගේ නියෝජිතයා විදිහට සෞදි අරාබියටයි, UAE එකටයි. ජනාධිපතිතුමා මහලොකුවට ජාත්‍යන්තරය ඔක්කොම අඳුනවලු. යාලුවො ලු. හැබැයි මේ හොරකම නවත්තන්න පුළුවන් තෙල් පෝලිම නතර කරන්න පුළුවන් ලියවිල්ලකට කාර් එකට අපි ඉස්සර ගැහුවා වගේ unlimited තෙල් දෙන්න පුළුවන්. government to government agreement එකක් ගැහුවොත්. අරාබි එමිර් රාජ්‍යය වෙන්න පුළුවන්, ඕමානය වෙන්න පුළුවන් සෞදි අරාබිය වෙන්න පුළුවන් මැදපෙරදිග රටක් එක්ක G to G credit line එකක් ගැහුවොත් එකෙක්ටවත් සත පහක් වත් හොරකම් කරන්නත් බැහැ, තෙලුත් ඇතිවෙන්න ප්‍රමාණයක් තියෙනවා පෝලිම ත් අඩුවෙනවා. පෝලිම අඩු උනහම කර්මාන්තශාලාවලට කුඹුරු වලට අවශ්‍ය තෙල් ටික ඔක්කොම ලැබෙනවා.නිෂ්පාදනය සහ සේවාවන් ටිකත් හරියට දුවනවා. එහෙම උනහම රටට සංචාරකයෝ එනවා. රටට සංචාරකයෝ ආවහම අපේ ආදායම වැඩි වෙනවා.අපේ ආදායම වැඩි වුනොත් රුපියල යම් ප්‍රමාණයකින් හරි ශක්තිමත් වෙලා පිටරට ශ්‍රමිකයන්ගෙන් එන මුදලත් තව ප්‍රමාණයකින් වැඩි වෙනවා. හැබැයි මේක කරන්න කාටවත් වුවමනාවක් නැහැ.මේ ආණ්ඩුවේ පසුපෙල ඉන්න මන්ත්‍රීවරුන්ට අපි කියනවා, තමුන්නාන්සේලා නිකං බොරුවට කහින්නේ නැතුව මේවා හොයන්න. ඔබතුමන්ලාට සතපහක්වත් මේවයෙන් හම්බවෙලා නෑ. මේ ගහන කට්ටිය නහුතෙටම ගහනවා.
මුල් දවස්වල 10%ක් lowest , ටෙන්ඩර් කරන එක්කෙනාට නැති ඩොලර් ටික මාසෙකට පස්සේ ඩොලර් ගෙවන්න එනකොට මෙන්න ඩීසල් ලීටරයකට ඩොලර් 32ක් premium එකක් ගෙවනවා. පෙට්‍රල් ලීටර් එකට එකට ඩොලර් 25ක් premium එකක් ගෙවනවා. එතකොට මේ ගෙවල ගන්න කණ්ඩායමෙන් කොහාටද මේවා යන්නේ.එතකොට මේවා ඇමතිවරයාට කැබිනට් පත්‍රිකා දාන්න , petroleum tender board එකෙන් , පෙට්ට්‍රෝලියම් සංස්ථාවෙන් නිර්දේශ කරල තියෙනවද? මේවා පැහැදිලි කරන්න ඕන. ඒ නිසා අපි කියන්න කැමතියි ට්විටර් පණිවිඩ දදා ඉදලා වැඩක් නැහැ. දැන් ෆලෝවර්ස්ලා අඩු වේගන යන්නේ. මේ කතන්දරේ අපි අධිකරණ ක්‍රියාමාර්ග වලට අරගෙන යනවා. මොකද සමහර අය හිතන් ඉන්නවා දැන් අරගලය ඉවරයි, දැන් ආයෙ එන්නෙ නෑ දැන් අධි ආරක්ෂිත කලාප දාලා අරවා කරල මේවා කරල බය කරන්න පුලුවන් කියලා. නමුත් අරගලයේ ආපු මතවාදය මැරිලා නැහැ. ඒක හැම ගෙදරකම හැම පාරකම හැම වීදියක ම හැම ගමකම තියනවා. එකක් මතක තියාගන්න ඕන ඊළඟ පාර එන අරගලය මධ්‍යම පාන්තිකයන්ගේ නෙමෙයි එන්නේ. මම කොළඹ නාගරික වතු නිවාස නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මම කියන්න කැමතියි බඩගින්නෙන් එන අරගලය හමුදාව පොලිසිය දාලා නතර කරන්න බැහැ. මොකට බඩගින්න කියන එක අද හමුදාව පොලීසියටත් දැනිලා තියෙන්නේ. ඒ නිසා මේ ජනාධිපතිවරයාටය ආණ්ඩුවටයි අපි කියන්න කැමතියි තවදුරටත් තමුන්නාන්සේලා පේන් නැති වෙන්න දිගින් දිගටම හොරකම් කරනවා නම් ඒකෙ පාඩුව විඳදරා ගන්න ලෑස්ති වෙන්න කියලා.
ඊළඟට තව හොරකමක් මං හෙළි කරන්නම් ,ගෑස් වලින් ගහන්නෙ කොහොමද කියලා. දැන් අද සන්දර්ශනයක් gas අඩු වෙනවලු රුපියල් 200කින් 300 කින්. එතකොට 5175 /-ට තියෙන ගෑස් එක 1493/- ට බහින්නෙ නෑ. අපි ගෝඨාභය රාජපක්ෂ ට ආණ්ඩුව බාර දෙන කොට ගෑස් සිලින්ඩරයක් 1493/-යි. ඊට පස්සේ ඒක ආයෙ 2675/- ට වැඩි කරලා, 5175/- දක්වා ඇවිල්ල, දැන් දෙසීයක් තුන්සීයක් අඩු කරනවලු. ඒක හරියට 117/- තිබ්බ petral ලීටරය 410/- ට අඩු උනහම අඩු වුණා කියලා කිරිබත් කන කණ්ඩායමක් මේගොල්ලෝ.
මීට මාස තුන හතරකට කලින් මැයි මාසේ ටෙන්ඩරයක් ඉවර වුනා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න . ඊට පස්සේ සල්ලි නෑ කියලා ඒක අතඇරියා. ඊට පස්සේ එක පාරටම ජූනි මාසේ අහනවා ඒ සැපයුම්කරුවන්ගෙන් එකපාර පහළොස් දාහක් දෙන්න පුලුවන්ද කියලා. ඊට පස්සේ ඒක දීගන්න බැරුව යනවා.ඊට පස්සේ එනවා ලෝක බැංකුව ආධාර වලින් ඩොලර් මිලියන 70 කුත් ලංකාවෙන් ඩොලර් මිලියන 20 කුත් දාලා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෑස් ගේන්න අර ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නේ නැතුව ඉහළ අගයක් තියෙන ආයතනයකට දුන්නා හදිසි මිලදී ගැනීම් ලු. පෝලිම ඉවර කිරීමේ මුවාවෙන් හොරකම් කරන එකටයි අපි විරුද්ධ. දැන් ඒ ගේන ලක්ෂෙත් මේ ඔක්තෝම්බර් මාසේ ඉවර වෙනවා. දැන් තව ටෙන්ඩර් එකක් දාලා තියෙනවා මෙට්ට්‍රික් ටොන් 280,000 ට .මේ ටෙන්ඩර් එක මාස දෙකක් තිස්සේ රබර් වෙවී යනවා. අඩු ලන්සු ලාභියාට තාම award කරන්නේ නැහැ. කවුරුහරි අඩු ලංසු ලාභියෙකුට award කරලා යම්කිසි කාලයක් දෙන්න ඕන මෙහාට එන්න, ඒ නැව් වලින් අපේ බෝයාවන්ට එන්න පුළුවන් පොඩි නැව් වලට පටවන්න ඕන, හැබැයි මේක දෙන්නෙ නැතුව මොකද කරන්නේ, මේක ඇදගෙන ගිහිල්ලා තාක්ෂණික කාරණා දාලා අහෝසි කරනවා. ඊට පස්සේ ඔක්තෝම්බර් මාසේ අග නැවත සතියකට හමාරකට ගෑස් පෝලිමක් ඒවි. එතකොට ආයෙ කියනවා පෝලිම නැති කරන්න spot buying වලට යන්න ඕන කියලා. ගියපාර මෙට්‍රික් ටොන් ලක්ෂෙන් රුපියල් මිලියන 1200 ක් හොරකම් කළා. මේ පාර 280,000 කින් අනිවාර්යෙන්ම best වෙන්නේ රුපියල් මිලියන තුන්දාහකට වඩා හොරකම් කරන්න. කෝප් කමිටුව ඇද ඇද ඉඳලා පත්කරා අද. මේ පිළිබඳව නැවත විමර්ෂණයක් කරනව කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන.
දැන් මේ පැත්තෙ හිටපු කට්ටිය ඔක්කොම කිව්වා රනිල් වික්‍රමසිංහ මහබැංකු හොරා, අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ එයා. අන්න ජපානය යන ගමන් එයා ගිහිල්ලා පැය හයක් එයා සිංගප්පූරුවේ හිටියා. පත්තර වල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා හම්බවුණා කියලා , නමුත් අපිට තියෙන වාර්තා අනුව නම් ජනාධිපතිතුමා ජපානයේ යන ගමන් සිංගප්පූරුවෙන් බැහැලා දවල් කෑම කාල තියෙන්නේ මහ බැංකුව මංකොල්ලයට වගකියන පැනලා ගිහින් ඉන්න අර්ජුන මහේන්ද්රන් එක්ක කියන එක අපි කියනවා.
ඒ වගේමයි මේ අය දැන් විසිදෙවන සංශෝධනයත් අනුමත කරන්නේ නැහැ. බයයි ඡන්දයකට යන්න බයයි.මැතිවරණ කල් තිය තියා යනවා. මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. මොකද 69 ලක්ෂයක් හම්බ වුණේ ගෝඨාභය රාජපක්ෂට. එයා ඉල්ලා අස් වුණා. ඊට පස්සේ මහමැතිවරණයේ වරම හම්බ වුනේ මහින්ද රාජපක්ෂට. එයත් ඉල්ලා අස්වුණා. පළාත් පාලන ආයතන වලට වරම හම්බවුනේ අවුරුදු හතරකට. දැන් අවුරුදු හතරහමාරක් වෙලා තියෙනවා වරමක් නැහැ.
අපි ඒ නිසා මැතිවරණ කොමිසමට කියනවා නීතිය අනුව වහාම මැතිවරණයක් තියන්න. එතකොට කාගෙ කාගෙත් කිල්ලෝටවල තියෙන බඩු ටික එලියට ඒවි. ජනමතය කොතනද තියෙන්නෙ අරගලයේ මතවාදය කොහොමද ගම ඇතුලේ තියෙන්නේ නගරය ඇතුළේ තියෙන්නේ කියලා ඒගොල්ලන්ට තේරුම් ගන්න පුලුවන් වෙයි.
පුළුවන් නම් ඡන්දය තියන්න. මේගොල්ලෝ මෙහෙම ගියත් කොහොම ගියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහයෝගය ගන්න ඕන, ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ගන්න ඕන,මේ ඔක්කොටම ජන වරමක් ඉල්ලනවා ජනමතයක් ඉල්ලනවා. මේකට මැතිවරණයක් තියන්න ඇතුව ජනවරම කොහෙද කියලා තහවුරු කරන්න බැහැ. දැන් මේ ආණ්ඩුව විසිදෙවෙනි සංශෝධනය කඩාකප්පල් කෙරුවට දහනව වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී හිටපු දහනමවැනි සංශෝධනය කරුණු කාරණා කවර ආණ්ඩුවක් ගෙනාවත් අපි පක්ෂපාති වෙනවා කියන එක කියන්න ඕන.
මාර්තු මාසේ විසි වෙනිදාට කලින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන. මේක තියන්න නම් මේ අවුරුද්දේ ඡන්ද නාමලේඛනය අරගෙන තිබුනත් ජනවාරි මාසේ මුල වෙද්දි මේක කැඳවන්න ඕන. මේක කල් දාන නොයෙකුත් උප්පරවැට්ටිය ටෙස්ට් කරලා බලන්නේ නැතුව, මැතිවරණ නියම කාලයේ තියන්න කියලා ඉල්ලනවා.
0 Comments