ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධි ලෙස රත්‍රං රැගෙන ඒමේ ජාවාරමේ වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව වාර්තා කරයි.
මාසයක කාලය තුළ පමණක් එවැනි සිද්ධීන් අටක් වාර්තා වී ඇත.
ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයින් ද මෙම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රත්‍රං මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙලෙස ජාවාරම් ඉහළ ගොස් ඇති බවයි.
ඇතැම් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හුවමාරු මාධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි රේගු අංශ පෙන්වා දෙන්නේ.

0 Comments