පොලීසිය පැවසුවේ කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (26)පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල , මාහේන ප්‍රදෙශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
පානදුර, වලාන ප්‍රදේශයේ නිවසකට පැන උල් පිහියක් පෙන්වා කාන්තාවක බියගන්වා රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමකින් යුත් රන් මාලයක් කොල්ලකා පලායාම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
කොල්ලකන ලද රන්මාලය රන් ආභරණ වෙළෙඳ සැලකට අලෙවි කොට උණුකර තිබීයදී සොයාගත් අතර, උල් පිහිය, ජංගම දුරකථන 4 ක් සහ යතුරුපැදිය, හෙල්මට් 2 ක් සහ ජැකට් එකක් සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.
0 Comments