සීඝ්‍රගාමී දුම්රියක් පීලි පනී...

 



බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අද (28) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 10.15 ට කොළඹ බලා පිටත් වූ අංක 1008 දරණ සීඝ්‍රගාමී දුම්රියේ පළමුවන පංතියේ මැදිරිය පස්වරු 4.00 පමණ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව ඇත.

Post a Comment

0 Comments