පළමුවෙන්ම කළ යුත්තේ බැංකු ශක්තිමත් කිරීමයි -ජනපති...

 



විදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සූම් තාක්ෂණ්‍ය ඔස්සේ ‘යූත් ඉන් ගවර්නන්ස්’ නමින් ඊයේ (22) පැවති සම්මන්ත්‍රණයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපේ ව්‍යාපාර ගණනාවක් අද බංකොළොත් වෙලා තියෙන්නේ. පළමුවෙන්ම තියෙන්නේ අපේ බැංකුව ශක්තිමත් කිරීම. ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. රජයේ බැංකුත්, පුද්ගලික බැංකුත්. ඒ මාර්ගයෙන් අපිට පුළුවන් වෙයි ව්‍යාපාර ගණනාවක් බංකොළොත්භාවයෙන් ඉවත්කරන්න. ඇත්ත වශයෙන්ම ආර්ථික නිෂ්පාදනයෙන් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.”

ප්‍රශ්නය – උසස් පෙළ ශිෂ්‍යයින් ඉල්ලීමක් කරනවා Cryptocurrency ලංකාව තුළ නීතිගත කරලා දෙන්න කියලා.

“ඒක හොඳයි… අපි සලකා බලන්නම්. නමුත් crypto එකෙන් විතරක් රට දියුණු කරන්න බෑ. ඕනෑම දියුණු රටක් දියුණු වුණේ විදෙස් ආයෝජන නිසා. ණය නිසා නෙමෙයි. අන්න එතැනින් තමා අපිට ඉදිරියට යන්න තියෙන්නේ. අපි සීමා දානවා නම්, තහංචි දානවා නම් එන අයට තීරණ දෙන්න අවුරුදු දෙකක් තුනක් ගත කරනවා නම් ඒක සිදුවෙන්නේ නෑ. ඒක නිසා මේ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හැරවන්න ඕනේ ඊළඟ මාස කිහිපය තුළදී මේ රට ඉදිරියට ගෙන යන්න.”

ප්‍රශ්නය – අරගලය ඇතුළේ විවිධ තරුණ කණ්ඩායම් හිටියා නමුත් ඇත්ත වශයෙන්ම මේ රට හදවතින්ම යහපත් රටක් කරා ගෙනයන්නට හදවතින්ම කැපවුණු තරුණයෝ පිරිසක් හිටියා අන්න ඒ තරුණ පිරිසට ඔබතුමා කැමති නැද්ද ආරාධනා කරන්න ?

“ඒ ආරාධනාව විවෘතව තියෙනවා. මීට කලිනුත් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ. අපි ලෑස්තියි ඕන වේලාවක ඒ කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්න. ඒ නිසාම අරගලය නිසා නොමඟ ගිය අය සමගත් සාකච්ඡා කරන්න අපි ලෑස්තියි. අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩක්‍රියා කරලා තමන්ගේ දේශපාලන බලය අරගත්ත කණ්ඩායම්වලටත් ඕනේ නම් අවස්ථාවක් තියෙනවා පාපොච්චාරණයක් කරලා ආපහු මෙතැනට එන්න. අපි ඒවත් නවත්වන්න හොඳ නෑ.”

ළඟදි ඔබතුමාට පොතක් කියනවන්න පුළුවන් වුණා ද? ෆිල්ම් එකක් බලන්න..

“පොත් දැන් කියවන්න බෑනේ. පොත් ටික ගිනිතියලා නේ. ඉතින් දැන් වෙන එක මූවි එකක්. වෙන මූවීස් බලන්න වැඩක් නෑ. ජූනි 9 ඉඳලා තියෙන්නේ චිත්‍රපටියක්. netflix එකේ දුවන එකක් වගේ. පළවෙනි සීසන් එක තාම අවසන් වෙලා නෑ.”

Post a Comment

0 Comments