ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජයක්...


ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 ඒ අනුව ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති තරඟය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11 ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කර තිබුණා.
 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 9 ක් දැවී ලකුණු 109 ක් ලබා ගත්තා. 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඔවුන්ට පන්දුවාර 11 කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 66 ක ඉලක්කයක් හිමි වුණා.
 කෙසේ නමුත් ඔවුන්ට පන්දුවාර 11 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 54 ක් පමණයි.

Post a Comment

0 Comments