ක්‍රිකට් ලොක්කෝ පෝලිමේ ඔසී යන්න වලිකයි...

 



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අටදෙනකු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ සංචාරයට එක් වී සිටින බව වාර්තා වේ.

සංචාරය සඳහා සහභාගී වීමට අනුමැතිය ඉල්ලා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කර ඇතැයි ද, ඒ වනවිට අමාත්‍යවරයා විදේශගතව සිටි බැවින් ඔහුගේ අනුමැතියට යටත්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් නිලධාරීන් අටදෙනකුට අනුමැතිය දී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය

ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත් සහ ලෝක කුසලාන තරග නැරැඹීමේ ප්‍රවේශ පත් සමඟ එක් පුද්ගලයකුට දෛනික වියදම් වශයෙන් අමෙරිකානු ඩොලර් 700ක් වෙන් කර ඇති බවටයි වාර්තා වන්නේ

මේ පිලිබඳව අරුණ වෙබ් අඩවිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කලේ නිලධාරීන් අටදෙනකුට අනුමැතිය ලබා දී ඇති බවත් ඉතුරු තොරතුරු සම්බන්ධයෙන් තමන් දැනුවත් වීමක් නොමැති බවයි.

Post a Comment

0 Comments