අද(26) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කඩුවෙල ,බෝමිරිය ,කහන්තොට ,කොතලාවල ,වැලිවිට ,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද දින රාත්‍රී 10 සිට හෙට(27) පස්වරු 2 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

0 Comments