සමස්ත වැටුපෙන් සියයට 18 ක් බදු ලෙස ගෙවිය යුතුයි...

 



සංශෝධිත දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්.

ඒ මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන්.

මෙතෙක් කල් රුපියල් 250,000ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා.

කෙසේ වෙතත්, මේ අතරතුර, උපයන විට අයකරන බද්ද හදුන්වාදීම සිදුකෙරෙන්නේ දේශිය ආදායම් බදු පනතට ගෙන ආ සංශෝධන අනුවයි. එය මෙම වසරේ ඔක්තෝබර් මස 1 දා සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණත් නෛතික කටයුතු හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මාසය තෙක් කල්දැමුණා.

සශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ 06 ක් යටතේ බදු අයකෙරෙන අතර සියයට 06, සියයට 12, සියයට 18, සියයට 24, සියයට 30 සහ සියයට 36 ලෙස ආදායම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇති.

කෙසේ වෙතත්, උපයන විට බද්ද, රුපියල් 100,000 ක මාසික අදායමක් දක්වා බලපෑමක් සිදු කරන්නේ නැහැ.

මේ අතර, යම් පුද්ගලයෙකු සිය මාසික ආදායම ලෙස රුපියල් 400,000 ක් උපයන්නේ නම් එහි උපයන විට බද්ද මසකට රුපියල් 70,500 ක් වන අතර සමස්ත වැටුපෙන් සියයට 18 ක් එම පුද්ගලයා බදු ලෙස ගෙවිය යුතුයි.

Post a Comment

0 Comments