ජනප්‍රිය පාසලක සිසුන් 5දෙනෙකු බියර් සමග පොලිස් භාරයට...

 



පානදුර ජනප්‍රිය පාසලක සිසුන් 5දෙනෙකු අද (22) දහවල් පානදුර වෙරළ තීරයේදී පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ, පාසල් නිල ඇදුමෙන් බියර් පානය කරමින් සිටියදීයි.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය පාසලක 16 සහ 15 වියැති සිසුන් පිරිසක් බව පොලිසිය පැවසීය.

ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී වැටකෙයියා පදුරක පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී සිසුන් පස් දෙනා බියර් ටින් සමග භාරයට ගත්බව පොලීසිය පැවසීය.

වාර විභාගය අවසානවී ඔවුන් පානදුර රටබීම හලකින් බියර් මිළදී ගෙන පැමිණ සිටී බවද පොලිසිය සදහන් කරයි.

දෙමාපියන් ගෙන්වා උපදෙස් දී භාරදීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments