අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ප්‍රදේශයේ අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.
එහිදී එම ස්ථානයේ රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
එහිදී පිරිස අතර සිටි අයෙකු විසින් එල්ලකළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
0 Comments