ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයකු සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය කිලෝ එකයි ම් දහසයක් පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හුනුපිටිය වේවැල්දූව පාර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාවේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලා ඇල ගුණ නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් බව පොලිසිය කියයි.
සැකකරුවන් වයස අවුරුදු 29,30 හා 49 අතර පසුවන කොළඹ 14 සහ කොළඹ 9 කොළඹ 12 පදිංචිකරුවන් වේ.
මේ පිළිබද විමර්ශන සඳහා සැකකරුවන් කිරිබත්ගොඩ පොලීසිය වෙත භාර දී ඇත.
0 Comments