පාසල් දරුවන් ඉලක්ක කර කලක සිට මත්කරල් මුදලට විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී මත්කරල් 1,299ක් ද සොයා ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවටගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව 10, හා 8 ශ්‍රේණි වල සිසුන් සඳහාඋපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
දෙදරු පියකු වන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ඉස්ලාම් ජාතිකයෙකු බවත්කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිටිමින් මෙම ජාවාරම කලක සිට සිදුකර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලීසිය වෙත භාරදී ඇතැයි විශේෂ කාර්යය බලකාය පැවසීය.


0 Comments