පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
ඊයේ (21) දිනයේ දී ගුරුවරියන් පිරිසක් පහසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ.මායාදුන්න සඳහන් කළේ, රජයේ කාර්යාලවල සේවය සඳහා පැමිණෙන සේවකයින් සම්බන්ධයෙන් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එය අදාළ නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments