රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ඔහු මේ බව සදහන් කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය කළ බව මුදිත පීරිස් පැවසීය.
පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ලක්ෂයක ධාරිතාවෙන් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
0 Comments