තමන්ව දාලා ගියපු පරණ කෙල්ලට හරි කොල්ලට හරි ඉරිසියා හිතෙන විදියට ජීවත්වෙන්න ටිප්ස් කීපයක්



ප්‍රථම ප්‍රේමය විවාහ කරගෙන ඉන්නවා වෙන්න් පුළුවන්, එහෙමත් නැත්නම් 1, 2 නැත්නම් 10 , 15 වෙනියා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් ප්‍රථම ප්‍රේමයෙන් විවාහ වුන කෙනෙකුට අනිවාර්යයෙන්ම පරණ ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ඉන්නවා. ඔය ex කෙනෙක් කියලා කියන්නේ අන්න ඒ අයට.  දැන් ඔහොම පරණ කෙල්ලෙක් හරි පරණ කොල්ලෙක් හරි ඉන්නවා නම්, ඒ අයත් එක්ක වෙන් වුණේ සුහදත්වයෙන් නම්, ගැටළුවක් නෑ. හැබැයි ඉතින් එහෙම සීන් වාර්තා වෙන්නේ හරිම අඩුවෙන්. ගොඩක් වෙලාවට හිත් රිදීම් වෙලා, සමහර වෙලාවට ගහමරාගෙන තමයි ලව් එකක් ඉවර කරන්නේ. හරි, ඒ කොහොම වෙතත් , එහෙම හොඳ හිත් ඇතුව වෙන් නොවුණ සීන් එකකදී වුණත්, ගොඩක් වෙලාවට ගොඩක් අයට පරණ කොල්ලා හෝ කෙල්ල සම්බන්ධයෙන් තියෙන හැඟීම් නැතිවෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ගොඩක් අයට තමන්ගේ පරණ කොල්ලට හරි කෙල්ලට හරි තමන්ව අත ඇරියේ අපරාදේ කියලා හිතවන්න තියෙන වුවමනාවට හේතුව වෙන්නෙත්, තවමත් හැඟීම් තියෙන එක තමයි.

හරි, අපිට ඒක වැඩක් නෑ. දැන් තමන්ව අත ඇරපු, තමන්ව නොසලකා හැරිය පරණ කොල්ලට හරි කෙල්ලට හරි ඉරිසියා හිතවන්න, තමන්ව අතඇරියේ අපරාදේ කියලා හිතවන්නෙ ඕනෑ? ආන්න ඒකට මනෝවිද්‍යාත්මක ට්‍රික්ස් ටිකක් තමයි අද අපි මේ ඔයගොල්ලලොත් එක්ක බෙදාගන්න යන්නේ.

1. තමන් සංවර්ධනය වෙන්න

ගොඩක් වෙලාවට කෙනෙක් අපිව දාලා යන්නේ එයට අපි හොඳ මදි නිසා, අපේ දියුණුව ප්‍රමාණවත් නැති නිසා වෙන්න පුලුවන්නේ. ඉතින් ඒකට රිටර්න් එක දෙන්න හොඳම ක්‍රමයක් තමයි ඇත්තටම දියුණු වෙන එක. හොඳට මතක තියාගන්න. අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.මොකද හිත තමයි හැමදේම . අපි හිතුවොත් දියුණු වෙනවා කියලා, ඒකට හරි ප්ලෑන් එකක් තියෙනවා නම්, අපිට හිතනවට වඩා ඉක්මනට ටාගට් වලට යන්න පුලුවන්. අන්න ඒ නිසා, තමන්ට සංවර්ධනය වෙන්න හොඳ ප්ලෑන් එකක් හදාගන්න. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් හදාගන්න. දැන් නොපසුබස්නා වීර්යෙන් ඒ ඉලක්ක වලට යන්න. දවසක අනික් මිනිස්සුන්ව පහුකරගෙන ගිහින් දියුණු වෙලා ඉන්න තමන්ව දැක්කහම පරණ කෙල්ලට හරි කොල්ලට හරි හිතෙයි අපරාදේ අතෑරියේ කියලා.

(ඇත්තටම තමන් දියුණු වෙන්න ඕන පරණ කොල්ලට හරි කෙල්ලට හරි රිටර්න් එක දෙන්න නෙවෙයි. තමන් වෙනුවෙන්. හැබැයි ඉතින් ප්‍රතික්ෂේප වීම කියන්නේ ජීවිතේට හොඳ දිරිගැන්වීමක්!)

2. තමන්ව බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න

මේකත් අපි අර කලින්  කතාකරපු කාරණාවටම අදාළයි. හිතලා බලන්න කොහොමද තමන්ගේ හැකියාවන් සහ වෘත්තිය ජීවිතේ ඉදිරියට යනකොට, තමන්ගේ පෞද්ගලික ඉමේජ් එකත් ගොඩනංවන්නේ කියලා. ඒකට තමන්ගේ නරක පුරුදු වලින් මිදෙන්න අවශ්‍යයි. එතකොට තමන්ගේ පෙනුම වර්ධනය කරගන්න අවශ්‍යයි.  තමන්ට හදාගන්න ඕන ඉමේජ් එකට ගැලපෙන විදියට අඳින්න පළඳින්න පටන් ගන්න එක, තමන්ටම අවේනික වුණු විලාසිතාවක් නිර්මාණය කරගන්න එක වගේ හැමදෙයක්ම ඒකට ඇතුළත්. අනාගතයේ දවසක තමන්ගේ නම කියපු ගමන්, සුවිශේෂී පෙනුමක් තියෙන සුවිශේෂී මනුස්සයෙක් ඕනම කෙනෙක්ගේ හිතට එන ලෙවල් එකට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගොඩනංවන්න. දවසක් ඒ බ්‍රෑන්ඩ් එක කතාබහට ලක් වෙනවා දැක්කහම එක්ස්ට හිතෙයි ඇයි මෙච්චර සිරා ඩයල් එකක් තමන් අත ඇරියේ කියලා!

3. සමීපයෙන් ඉන්න, හැබැයි සීමාවක් තියාගන්න

ගොඩක් වෙලාවට ගහ මරාගන වෙන් නොවුණා නම්, පැරණි පෙම්වතුන් යාලුකමකට හරි මාරු වෙනවා. ඒකේ ගැටළුවක් නෑ. හැබැයි ඉතින් යාලු මිත්‍රයෝ වගේ හිටියත්, තමන්ගේ පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි තමන්ව අත ඇරියේ තමන්ට ඒ මොහොතේ තිබුණේ නැති දෙයක් නිසා නම්, එහෙම නැතිනම් තමන්ට වඩා හොඳ කෙනෙක් මුණගැහුණු නිසා නම්, ඒ හින්දා ඇතිවුණු කලකිරීම, අමිහිරිකම හිතෙන් නැතිවෙන්නෙ නැහැනේ. හැබැයි ඉතින් දැන් අපි කියමු පරණ කොල්ලා හරි පරණ කෙල්ල හරි එක්ක යාලුකමෙන් ඉන්නවා කියලා. එතකොට අපි නිතරම ටච් එකේ ඉන්නකොට වෙන්නේ අපේ වැදගත්කම නැති වෙන එක. ඒ කියන්නේ අපිව විශේෂයක් නැතුව යන එක. අන්න ඒ නිසා, පරණ කෙනා එක්ක ටච් එකේ ඉන්න, හැබැයි සීමාවට. ඒ කියන්නේ පේන්න ඉන්න, හැබැයි සම්බන්ධතාවය සීමාවට තියාගන්න.

4. එයාගෙන් මිදිලා ඉන්නේ කියන එක පෙන්නන්න

ගොඩක් වෙලාවට, තමන්ට මදි නිසා කොල්ලව හරි කෙල්ලව හරි අතඇරපු කෙනෙක් වුණත්, යටිහිතෙන් ආසයි එයා තාමත් තමන්ට ලව් කර කර පස්සෙන් එනවා නම් ඒක එහෙම නෑ කියලා කෙනෙක් කියනවනම් ඒක බොරුවක්. ආන්න ඒ තෘප්තිය කවදාවත් තමන්ව අත ඇරලා ගියපු  x ට දෙන්න එපා. එයා ගැන ෆීලින්ග්ස් තමන්ට නැහැයි කියන එක, ඒක ඉවරයි කියන එක පෙන්නන්න. ආන්න ඒක නිසා තමයි අපි උඩ පොයින්ට් එක කියලා තියෙන්නේ. ඒ ඇරෙන්න තමන් බ්‍රේක් අප් එකෙන් රිකවර් වුණාට පස්සේ තමන්ව සංවර්ධනය කරගන්න එක, තමන් බ්‍රෑන්ඩ් එකක් වෙන එක වැදගත්. ඒ වගේම, ආයෙමත් ඩේට් කරන්න පටන් ගන්න එකත් වැදගත්!

5. පරණ දේවල් ගැන වැඩ වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ විදින්නන 

ඒ වගේම තවත් වැදගත් කාරණාවක් පරණ දේවල් හිත හිත දුක්වෙනවට වඩා  තමන්ගේ ජීවිතේ විදින්න පටන් ගන්න එක. තමන්ට නැති වුණු දේවල් ගැන ලත වෙවී, තැවි තැවී ඉන්න එකේ කිසිම තේරුමක් නෑ , තමන්ගේ ජීවිතේට ගොඩනගා ගන්න අපිට කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට අපිට ට්‍රැවල් කරන්න පුලුවන්. රට තොට බලන්න යන්න පුලුවන්. මීට පෙර කරපු නැති ඇඩ්වෙන්චරස් දේවල් ට්‍රයි කරලා බලන්න පුලුවන්. අපි වෙනුවෙන් විතරක් කරන්න ඕන දේවල්. එහෙම කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජීවිතේ එන්ජෝයි කරනකොට, තමන්ගේ ඇතුළාන්තයෙනුත් වෙනසක් වෙනවා තමන්ට දැනෙයි. ඉතින් කවදාහරි තමන්ගේ එක්ස්ව හම්බුණොත්, එයාටත් දැනෙයි තමන් කලින් ලව් කරලා අතඇරපු මනුස්සයාගේ ඒ වෙනස. එයාට හිතෙයි අපරාදේ අතඇරියේ කියලා!

6. අත ඇරපු අයගේ පස්සෙන් යනඑක නවත්තන්න 

මෙන්න මේක තමයි ඉතාම වැදගත්ම පොයින්ට් එක. දැන් අපි ලව් එකක් බ්‍රේක් අප් වෙනකොට, ඒ කියන්නේ අපේ පෙම්වතා හෝ පෙම්වතිය අපිව දාලා යන්න උත්සාහ කරනකොට, ඒක කොහොමහරි නවත්තන්න දඟලනවා. පස්සෙන් යනවා. ඉන්න කියලා ආයාචනය කරනවා. හැබැයි ඔය එකක්වත් කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. අපිව එපා කියන, අපිව අතඇරලා යන්න හදන කාගේවත් පස්සෙන් යන්න එපා. කාගෙවත් පාපිස්සක් වෙන්න එපා. කෙනෙක් අපිව දාලා යනවා නම්, යන්න දෙන්න. එහෙම යන්න දීලා උඩ පොයින්ට්ස් වල කියලා තියෙන විදියට තමන්ගේ ජීවිතේ සංවර්ධනය, තමන්ගේ දියුණුව, තමන්ගේ සතුට කෙරෙහි ෆෝකස් වෙන්න. අපි සාර්ථක වෙනකොට, අපිව එපා කියපු අය ආයෙමත් අපිට ලං වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ඇත්ත.

හැබැයි අපි සාර්ථක නැති කාලේ අපිව එපා කියලා ගියපු කෙනෙක්, අපි සාර්ථක වුණාට පස්සේ ලං වෙනවා නම්, පොඩ්ඩක් ප්‍රවේසමෙන්, අතේ දුරෙන් තියාගන්න. ඒවා සැබෑ සබඳකම්, සැබෑ යාළුකම් නෙවෙයි.

තව බෝනස් පොයින්ට් එකක්! තමන්ව එපා කියලා කෙනෙක් ගියා නම්, ඊට වඩා හොඳ කෙනෙක් නෙවෙයි, හැබැයි ඊට වඩා තමන්ව අවබෝධ කරගත්තු, තමන් එක්ක එකට ජීවිතයක් ගෙනියන්න පුලුවන් මනුස්සයෙක්ව හොයාගන්න. ආන්න එතකොට තමන්ව සහ එයාව කවදාහරි පරණ පෙම්වතා හෝ පෙම්වතිය එකට දැක්කහම, එයාට කාලා ඉන්න බැරි වෙනවා ෂුවර්!

Post a Comment

0 Comments