චීනය මෙරට ණය අර්බුදය ගැන සාකච්ඡා කරයි...

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං අතර ඊයේ (25) හමුවක් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන එහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා වී තිබේ.

චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවය.

චීනය පිළිබඳව විදෙස් මාධ්‍ය හරහා පළ වන අසත්‍ය තොරතුරු හෙළාදකින බවද චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

Post a Comment

0 Comments