හෝමාගම නගරයේ අමතර පන්තියක් තුළ දී ගුටි බැට හුවමාරු කරගත් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
ඒ අතර නීතිඥවරයෙකුගේ පුතෙකු ද වන බව පොලිසිය පැවසීය.
මෙලෙස ගුටි බැට හුවමාරු කරගෙන ඇත්තේ දොළොස් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.
මීට මාස කීපයකට පෙර ඇතිවූ ගැටුමක් මුල්කරගෙන සිදු වූ කතා බහක් දුර දිග යාමෙන් අනතුරුව මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද එක් සිසුවෙක් තමන්ගේ රන් මාලය සහ පෙන්ඩනය නැති වූ බව පවසමින් ප්‍රකාශයක් ද ලබාදී ඇති බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
එක් සිසුවෙක් එක් පාර්ශවයක වන අතර අනෙක් දෙදෙනා තවත් පාර්ශවයක අය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තුවාල ලද සිසුන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
හෝමාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 Comments