නයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගයක් රැගත් “සුපර් ඊස්ටන්” නෞකාව මෙරටට පැමිණීම සඳහා සිංගප්පූරුවෙන් පිටත් වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.
එම නෞකාවෙන් ඩීසල් ලීටර් මිලියන10.6ක් (මෙ.ටො 9,000)ක් මෙරටට රැගෙන එන බව ට්විටර් සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
මෙරට ගොවීන් හා ධීවරයින් සඳහා එම ඩීසල් චීනය විසින් පරිත්‍යාග කර ඇත.
නෞකාව හෙට (26) කොළඹට ළඟාවීමට නියමිත බවද චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

0 Comments