බිත්තර මිල ඉහළට...

 


හැටන් ප්‍රදේශයේ බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් පවසයි.

එම ව්‍යාපාරිකයින් සදහන් කරන්නේ බිත්තර ගොවිපොළවල් හිමියන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදීම සහ පාලන මිල ඉක්මවා සුදු සහ රතු බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි.

මේ වන විට සුදු බිත්තරයක් රු. 54ක සහ රතු බිත්තරයක් රු. 55ක සිල්ලර මිලකට අලෙවි කිරීමට සිදු වී ඇතැයි එම ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.

මෙලෙස බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් ද බිත්තර මිල දී ගැනීමෙන් වැළකී සිටින බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Post a Comment

0 Comments