පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ දෙවන කාණ්ඩය යටතේ පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය අද (03) සිඩ්නිහිදී පැවැත්වීමට නියමිතය.
පකිස්තාන කණ්ඩායමේ පිතිකරුවෙකු වන ෆකර් සමාන් හට පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
පසුගියදා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ දී ඇති වූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ෆකර් සමාන් වෙනුවට මොහොමඩ් හැරිස් තරගාවලිය සඳහා අදේශ කෙරෙනු ඇති බව වාර්තා වේ.
0 Comments