ඉන්දියාවේ දූෂිත වායු ලංකාව බිලිගනී...

 



මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නියමිත ප්‍රමිතීන්ට වඩා බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි. පරිසර අධිකාරිය විසින් නම්කර තිබෙන දූවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පැවසුවේය.

පැය 24 ක කාලයක් තුළදී තිබිය හැකි දූවිලි අංශු ප්‍රමාණය (කියුබික් මීටරයක් තිබිය හැකි මයික්‍රෝ ගෑම් ප්‍රමාණය) 50 ක් පමණ වේ. එය මේ දිනවල 75 ක් පමණ දක්වා අහිතකර ලෙස ඉහළ ගොස් තිබේ.

සෑම වසරකම නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු දක්වා ඉන්දියාවේ අහිතකර වායු දූෂණ තත්ත්වය ඉහළ යෑම නිසා එය මෙරටට බලපාන බවත්,මේ නිසා මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද නියමිත ප්‍රමිතීන් ඉක්මවා යන බවද ඔහු කීවේය.

Post a Comment

0 Comments