ඡන්ද හිමි අවම වයස පහළ දැමීමේ සූදානමක්...

 



ඡන්දය භාවිතයේ අවම වයස පහළ දැමීමට නවසීලන්තය සූදානමින් සිටි.

ඒ අනුව, ඡන්දය ලබාදිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම බලධාරීන්ගේ අපේක්ෂාව බව වාර්තා වේ.

එහෙත් මෙම පනත සම්මත වීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් පමණක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

පසුගියදා මාධ්‍ය අමතමින් අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් මේ බව නිවේදනය කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අවම වයස අවුරුදු 18 බවට සීමා කර තිබීම මගින් තරුණ ඡන්ද දායකයින්ට වෙනස් සැලකීමක් සිදුකර ඇතැයි නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දුවක් ලබාදී තිබේ.

ඒ පාර්ලිමේන්තුව මගින් මේ පිරිසගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ද මෙහිදී අධිකරණය තීන්දු කර තිබුණි.

මැතිවරණ නීති සංශෝධන පනතක් ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය සූදානම්ව ඇත්තේ ඒ අනුවය.

Post a Comment

0 Comments