වනිඳු එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට...

 



ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

මේ වන විට 8 වන ස්ථානය දක්වා පැමිණ ඇති වනිඳු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 235කි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ශකීබ් අල් හසන් රැදී සිටියි.

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

එමෙන්ම වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ රැදී සිටියි.

Post a Comment

0 Comments