කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (02) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබේ.
මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වන සහ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේවෙතත් මේවනවිට එම දුම්රිය පීලිගතකර යථා තත්ත්වයට පත්කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.
මෙම දුම්රිය ස්ථාන අතර ඊයේ (01දා) දිනයේද දුම්රිය දෙකක් පීලි පැනීමට ලක්විය.
0 Comments