ගල් අඟුරු අවශ්‍යතාව අනුව සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව නොරෝච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර නාලක විජේකෝන් පවසයි.
ලංකාවේ ප්‍රධාන විදුලි ධාරිතාව රැගෙන යන ප්‍රධාන බලාගාරය නොරෝච්චෝල ලක්විජය බලාගාරයයි. ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 කට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙනවා. වාර්ෂිකව මෙම බලාගාරයෙන් ගිගාවෝට් 5400ක් විදුලි අවශ්‍යතාව ලබා දීම සිදු වෙනවා. එසේ විශාල ධාරිතාවයක් ලබා දීමට ගල් අඟුරු ටොන් මිලියන දෙකක් පමණ අවශ්‍යයි. ගිගාවෝට් පැය 5400 ක විදුලිය නිපදවන්න ගල් අඟුරු නැව් 38 ක් වාර්ෂිකව අවශ්‍යයියැයිද ඔහු කීය.
0 Comments