සිරිසුමන රහතන් වහන්සේ ප‍්‍රියමාලි වෙනුවෙන් රන් පොල්ල පෙන්නලා..

 


රුපියල් බිලියන ගණනක මුල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලී සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට බොරැල්ලේ සිරිසුමන හිමියන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඔවුන්ගේ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ හිමිනම විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හරහා තිළිණි ප්‍රියමාලි සමඟ දුරකථන සබදතා පවත්වා ඇති බවයි.

එම ඇමතුම් පැය විසි හතරක් ඇතුළත මැකී යන ලෙස සකස් කර තිබූ බවද හෙළිවී ඇත.

ප‍්‍රියමාලිට කෝටි ගණන් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් සමග ද මෙම හිමිනම සමීප ඇසුරක් පවත්වා ඇය වෙනුවෙන් පෙනී සිට තිබේ.

ඇයට ලබාදුන් මුදල් ඉක්මනින් ලැබෙන බවත් කලබල නොවන ලෙසත් හිමිනම විසින් ව්‍යාපාරිකයන් සනසා ඇත.

මෙම හිමි නමට අයත් කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක කිලෝ දෙදහස් පන්සියයක් බර විශාල රන් පොල්ලක් ඇතැයි පවසමින් විශාල පිරිසක් මුලා කර ඇතැයිද ඇතැයි ද එම පොල්ලේ ඡායාරූප ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති බවද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් හිමිනම හා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments