නම කැත කරගත් රෝහලේ අවයව බද්ධයට තහනමක්...

 



ආන්දෝලනයට තුඩු දුන් රාජගිරියේ පිහිටි පෞද්ගලික රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව තහනම් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මෙම රෝහල චෝදනා ලබා ඇති බවයි. ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු, විශේෂඥ වෛද්‍යවරයකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත. එම කමිටුව ගන්නා තීරණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද ඔහු අවධාරණය කළේය

Post a Comment

0 Comments