මෙවර අයවැයෙන් යෝජනා කර ඇති සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවධානමක් පවතින බවත් එමගින් පනස්දහසකට අධික පිරිසකගේ රැකියා අහිමිවන බවත් ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවයි.
මේ වනවිට පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ෂැම්පු, ෂවර් ජෙල් හා ක්‍රීම් වර්ග වැනි රුපලාවන්‍ය නිෂ්පාදන කිසිදු රේගු බද්දකට යටත් නොවී මෙරටට ගෙන එන බව කී එම සංගමයේ සභාපති සේනක සමරසිංහ, රේගු නොවන බදු හෙවත් සෙස් බදු ඉවත් කළහොත් එහි සම්පූර්ණ වාසිය හිමිකරගන්නේ මෙරට දැනට පවත්වාගෙන යන බහුජාතික සමාගම් සහ විදේශීය රටවල සිටින නිෂ්පාදකයන් විසින් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිදුවන්නේ කර්මාන්ත වසා දමා දේශීය වෙළෙඳපොළෙන් ඉවත් වීමට බවද රුපලාවන්‍ය ශිල්පීහු සඳහන් කළහ.
එමනිසා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ රේගු බදු ඉවත්කර ඇති නිෂ්පාදන සඳහා පනවා ඇති සෙස් බදු ඉවත් කිරීමට නොහැකි වනසේ අදාළ අයවැය යෝජනාව සංශෝධනය කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.
0 Comments